ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-2027 කාල සීමාව සඳහා නිලධාරීන් තෝරා පත්කරගැනීමේ නිලවරණය පැවැත්වූ ආකාරය අභියෝගයට ලක් කරමින් එහි හිටපු උපසභාපතිවරයෙකු වන කේ. මතිවානන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විට වයස අවුරුදු 67ක් වූ කේ මතිවානන් මහතා තවදුරටත් ක්‍රිකට් තනතුරු සඳහා කෑදර වීම විහිළු සහගතය.
නිශාන්ත පාර්ශ්වයේ උසි ගැන්වීම්වලට හසුව ඇති කේ මතිවානන් මේ මොහොතේ සිදු කළ යුත්තේ සිය සැඳෑ සමය පවුලේ හිතවතුන් සමග ගෙවීම නොවේද ?
මේ වන විට ශ්‍රවණබාධ තත්වයකින් පෙළෙන මතිවානන් මහතා මෙම අවස්ථාවේ සිදු කළ යුත්තේ සිය සෞඛ්‍ය ගැන තවදුරටත් සිතීම මිස උසිගැන්වීම්වලට හසු වී ක්‍රිකට් තනතුරු අයැදීම නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව, නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, විගණකාධිපති, නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
