ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ‘පර්සි unlce’ ලෙසින් හඳුන්වනු ලබන ප්‍රවීණ ක්‍රිකට් කණ්ඩායම දිරිගන්වන්නා වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ රාගම රෝහලේදීයි..
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ක්‍රිකට් කණ්ඩායම දිරි ගන්වන්නට වසර ගණනක් එක් වූ මේ සුන්දර මිනිසා මේ වසරේ අගෝස්තු මාසයේදී සිය 87 වැනි උපන්දිනය සැමරූ අතර පසුගිය කාලය තුළ ඔහු අසනීප තත්වයෙන් පසු වුණා.
සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පර්සි අබේසේකරගේ යහපැවැත්මට සහ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සහාය වීම සඳහා මිලියන 5 ක්ද පිරිනැමුවා.
පර්සි අංකල් නමින් බොහෝ දෙනා ආමන්ත්‍රණය කළ පර්සි අබේසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා මෙන්ම ලොව පුරා සිටින දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් අතිශය ඇලුම් කරන ප්‍රියමනාප චරිතයක්.
ඔහු 1979 ලෝක කුසලානයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජය කොඩි නැංවූ පර්සි අබේසේකර මේ වන විට සදහටම දෙනෙත් පියා ගෙන අවසන්.
පර්සි අංකල් ඔබට මොක් සුව
