කළමනාකරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිරිසකගෙන් වෙනම ගේමක්

මේ වන විට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වෙමින් තිබෙනවා.

නවතම පුවත බවට පත්ව ඇත්තේ එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවට වාර්තා කළ පුවතයි.

එම පුවතේ වැඩිදුරටත් දැක්වුණේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත්කර එහි සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කිරීමට යෝජනා වි ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී අද ප්‍රකාශ කළේ කැබිනට් රැස්වීමේදී ක්‍රිකට් සම්බන්ධයෙන් කිසිවක් කතා නොවූ බවයි.

එමෙන්ම ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ඉංග්‍රීසි පුවත්පත වාර්තා කළ පුවත පදනම් විරහිත බවද පසක් කරමින්.

එසේ නම් මෙම පුවත කාගේ හෝ වුවමනාවකට ගොතන ලද්දක්ද ? එවැනි පුවතක් නිර්මාණය කිරීමට පාදක වූයේ කුමක්ද ? ඒ් ගැන තමයි දැන් කියන්න යන්නේ.

20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් රැසක් ආබාධයන්ට ලක් වූ අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පසුබෑමට දැඩි ලෙස බලපෑ බව නොරහසක්.

20-20 ලෝක කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි තීන්දුවක් ගත්තා. ඒ් තමයි ක්‍රීඩකයින්ගේ ෆිට්නස් නැතිනම් ශාරිරික යෝග්‍යතාව ඉහළ මට්ටමකට රැගෙන ඒ්මට.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනය සහ තේරීම් කමිටුව කිලෝමීටර් දෙකේ ධාවනය ඇතුළු ශාරිරික යෝග්‍යාතව මනින ජාත්‍යන්තර මට්ටමේ ක්‍රම යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.

ඒ සමග නම් දැරූ ක්‍රීඩකයින් රැසක් සිය ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙද්දී ඇතැමුන්ට විදෙස් ලීග් තරගාවලි සඳහා දොරවැසුණේ ඒ් සඳහා අවසර ලබාදීමට ශාරීරික යෝග්‍යතාව සමත්වීම අනිවාර්ය කිරීමත් සමගයි.

ෂම්මි සිල්වා ප්‍රමුඛ පරිපාලනය ගත් මෙම තීරණ හේතුවෙන් IPL ඇතුළු විදෙස් ලීග් තරගාවලිවලට එක්වීමට නොහැකි වූ නම් දැරූ ක්‍රීඩකයින් පිරිසක් සහ ක්‍රීඩකයින් රැසකගේ කළමනාකරුවෙකු ආණ්ඩුවේ පාර්ශ්ව වෙත මෙම අවනඩුව පවසා තිබෙනවා.

වත්මන් පරිපාලනය විසින් සිය ක්‍රිකට් දිවිය අවදානමකට ලක් කර ඇති බව ඔවුන් ඒහිදී පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයින් රැසක් සිය ශාරීරික යෝග්‍යාත පරීක්ෂණ සමත්වෙද්දී අසමත් වූ ක්‍රීඩකයින් තමන්ට විදෙස් ලීග් තරගවලින් ලැබෙන මුදල්වලට කෑදර කමින් කෙසේ හෝ වත්මන් පරිපාලනය පන්නා දමා සිය අභිමතාර්තයන් ඉටුකර ගැනිමටයි මෙලෙස ක්‍රියා කර ඇත්තේ.

ෂමිම් සිල්වා ප්‍රමුඛ පරිපාලනය ගත් දරදඩු තීරණ නොරිස්සූ මේ පිරිස අතර මෑත කාලයේදී නායකත්වයෙන් නෙරපූ අයෙකු සහ හිටපු නායකයින් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ කළමනාකරුද තමන්ට අහිමි වී යන කොමිස් මුදල ගැන දැඩි පසුතැවීමකින් පසුවන බවද වාර්තා වනවා.

රට වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් මෙම තීන්දු තීරණවලට නොරිස්සු ක්‍රීඩකයින් පිරිසක් මේ වන විට වත්මන් පරිපාලනය පිළිබඳ දෙස් දොවොල් තියමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින්ගේ පසුගිය වසර කිහිපයේ ආදායම් වාර්තා පරීක්ෂා කළහොත් ඔවුන්ට ඇතැම් මුදල් ලැබූණු හැටි ප්‍රශ්නාර්ථයක් බවට පත්වනු නිසැකයි. ලෝක කුසලානයේදී ඇතැම් තරග නැරඹුවොත් ඔබට ඒ් පිළිබඳ අදහසක් ගත හැකි බව නොඅනුමානයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *