ක්‍රිකට් ක්‍රීඩකයන්ට පහර ගැසූ හිරු නාලිකාවේ පාතාලය එළියට

ක්‍රිකට් සමග පැරණි විරසයක වාඩුව ගැනීමේ අරමුණින් පසුගිය වසර කිහිපය පුරාම හිරු නාලිකාව ක්‍රිකට් ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රිකට් පිළිබඳ වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සහ දැරූ බව නොරහසක්.

එවන් පසුබිමක හිරු නාලිකාවේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකු සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමිප සබඳතා පවත්වමින් අපරාධ රැසක් සිදු කර ඇති බව පොලීසිය අනාවරණ කර ගැනීමත් සමග එම නාලිකාවේ රෙදී ගැලවී අවසන්.

හිරු මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍යෙව්දිකෙු ලෙස මාධ්‍ය ආවරණ කටයුතු සිදු කළ තුඹගොඩ බලංගොඩ ලිපිනයේ පදිංචි දොඩම්පේ කන්කානම්ලාගේ රොහාන් ප්‍රදීප් නමැති පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සබඳතා පවත්වා ඇති බවට බුද්ධි තොරතුරු ලැබි ඇති බව පොලිසි අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු බවත් මොහු කළු මල්ලි, ආමි රොෂාන්, එස් එෆ් කළු හ රොෂාන් යන අන්වර්ථ නාමයන්ගෙන්ද හඳුන්වන බවට තොරතුරු ලැබී තිබෙනවා.

හිරු නාලිකාවේ ප්‍රාදේශීය වාර්තාකරුවකු වන මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකිරුවෙකු ලෙසද ලේඛණගත වූ පුද්ගලයෙක් බවද අනාවරණ වි තිබෙනවා.

මෙම පුද්ගලයා අධිකරණ කිහිපයක නඩු කිහිපයක් ද පවතින බවයි පොලීසිය හිරු මාධ්‍ය ජාලය වෙත ලිපියක් යොමු කරමින් රතු නිවේදන නිකුත් කර ඇත්තේ.

මෙම පුද්ගලයා පොලීසිය විසින මාධ්‍ය සාකච්ඡා පවත්වමින් දැනුම් දෙනු ලබන අපරාධ සහ මෙහෙයුම්වලට අදාළ තොරතුරු එසේම පොලිස් ස්ථාන මට්ටමින් පවත්වන ලබන විශේෂ මෙහෙයුම්, මහාපරිමාණ වැටලීම් ආවරණය කිරීම සඳහා සහභාගි වීම ගැටලු සහගත තත්වයක් බවයි පොලීසිය හිරු නාලිකාව වෙත ලිඛිතව දැනුම් දි ඇත්තේ.

මෙම තත්වය මත හිරු මාධ්‍ය ජාලය වෙත ලිපියක් යොමු කරමින් පොලීසිය සඳහන් කර තිබුණේ පොලීසිය විසින් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා සහ වැටලීම් ආවරණය කිරීම සඳහා මෙවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් යොමු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *