එදා මෙදාතුර ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන සචින් ටෙන්ඩුල්කාර්ට කෙරෙන ගෞරවයක් ලෙස ඔහුගේ පිළිරුවක් ඔහුගේ මව් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන වන්කඩේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට මුම්බායි ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබෙනවා.
එම පිළිරුව නිරාවරණය කිරීම අද (1 වැනිදා) දිනයේදී ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ මහ ඇමති ඒක්නාත් ශිණ්ඩේ මහතා සහ නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නවාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ටෙන්ඩුල්කාර්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
එම අවස්ථාව සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රොජර් බිනී, ලේකම් ජේ ෂා මෙන්ම මුම්බායි ක්‍රිකට් සංගමයේ සභාපති අමෝල් කාලේ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
