ලෝකප්‍රසිද්ධ හිටපු WWEරෙස්ලින් ක්‍රීඩක හල්ක් හෝගන් (Hulk Hogan) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි සදහන් වන්නේ.
මිය යන විට ඔහු 71 වන වියේ පසු උනා.
WWE Hall of Fame ගෞරවයෙන් පිදුම් ලැබූ හල්ක් හෝගන් අභාවප්‍රාප්ත වූ බව දැන ගැනීම කණගාටුවට කරුණක් බවයි WWE ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
ජනප්‍රිය සංස්කෘතියේ වඩාත්ම හඳුනාගත හැකි චරිතයක් ලෙස හෝගන් ව විස්තර කරමින්, “ඔහු 1980 ගණන්වලදී WWE (World Wrestling Entertainment) ගෝලීය වශයෙන් පිළිගැනීමක් ලබා ගැනීමට උදවු කළේය” යනුවෙන් එහි සඳහන් කොට තිබෙනවා.
හෝගන්ගේ පවුලේ අයට, මිතුරන්ට හා WWE රසිකයන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බව එහි තවදුරටත් සදහන් වනවා.
හෝගන්ගේ සැබෑ නම ටෙරී බොලියා වූ අතර අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලබා තිබෙනවා.
1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රහණ හේතුවෙනි.
ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියටද හෝගන්ගේ නාමය එක් කොට තිබෙනවා.
මේ සියල්ලම මැද ආන්දෝලනාත්මක චරිතයක් වූ හෝගන් තහනම් උත්තේජක භාවිතය, ලිංගික හිංසාවන් ගැනත් ජාතිවාදය ගැනත් චෝදනාවට ද ලක්වූවා.
ජාතිවදී අපහාසයක් නිසා ‘WWE Hall of Fame’ නාමාවලියෙන් ඔහුගේ නම ඉවත් කරනු ලැබූ අතර 2018 දී යළි ඇතුළත් කෙරුණා
