සචීන්ගේ වාර්තාවට ළංවෙන ජෝ රූට්

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජෝ රෑට්ට අද (25) හැකිවිය.

ඉන්දියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී මේ වනවිට පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ දී ඔහුට මෙම සුවිශේෂී කඩඉම පසුකර යාමට හැකිවිය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ජෝ රෑට් පන්දු 115කට මුහුණදෙමින් ලකුණු 63ක් රැස්කරගෙන සිටි අතර, එම ලකුණුත් සමග ඔහු රැස්කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 13,322ක් දක්වා ඉහළ ගියේය.

ඒ සමග ලකුණු 13,289ක් රැස්කර සිටි දකුණු අප්‍රිකාවේ ජැක් කාලිස් සහ ලකුණු 13,288ක් රැස්කර සිටි ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් අභිබවා යමින් ජෝ රෑට් තෙවන ස්ථානයට දක්වා ඉහළට පැමණියේය.

එමෙන්ම මෙම වාර්තාවේ දෙවන ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් අභිබවා යාමට ජෝ රෑට්ට ලබා ගැනීමට අවශ්‍ය වන්නේ තව ලකුණු 88ක් පමණි.

මෙම වාර්තාවේ පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ය.

ඔහු ලකුණු 15,921ක් රැස්කරගෙන සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *