ඉන්දෝර් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත පිලට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිලේ මුල් කඩුලු 3 ලකුණු 58ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දුයවන්නන් සමත්වුණේ සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින්.
කෙසේ වෙතත් 4 වැනි කඩුල්ලට පිටියේ එක් වූ ඩැරල් මිචෙල් සහ ග්ලේන් පිලිප්ස් මෙහීදී අගනා ලකුණු 219ක සබඳාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිම ඔසවා තැබුවා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් ලකුණු 137ක් රැස් කළ අතර ග්ලේන් පිලිප්ස් ලකුණු 106ක් රැස් කිරීමට සමත්වුණා.
ඒ අනුව නවසීලන්ත පිල නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 338ක් රැස් කරමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ලකුණු 338ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිලේ මුල් කඩුලු 3 ලකුණු 68ක් තුළ බිඳ වැටුණේ ඉන්දීය ඉනිම අවදානමකට ඇද දමමින්.
එක්දින පිටියේ ලකුණු හඹායාමේදී සාර්ථක පිතිකරුවෙකු ලෙස සැලකෙන විරාත් කෝලි මෙම තරගයේදීද නවසීලන්තය මෙල්ල කිරීමට ප්‍රබල උත්සහායක් දැරුවා.
විරාත් කෝලි මෙම තරගයේදී ලකුණු 124ක් රැස් කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 54 වැනි ශතකය වාර්තා කරමින්.
විරාත් කෝලිට අගනා සහයක් ලබාදුන් නටීස් කුමාර් රෙඩ්ඩි ලකුණු 53ක් සහ හර්ෂිත් රානා ලකුණු 52ක් රැස් කළද එය ඉන්දීය පිලේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 46කදී සියලු දෙනා දැවීරැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 296ක් පමණයි.
මෙම තරගයේ ලකුණු 41ක ජයක් වාර්තා කළ නසීලන්ත පිල එක්දින තරගාවලිය 2ට එක් ලෙස ජය හිමිකර ගත්තා.
ඒ ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කරමින්.
