ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ බී කොටසේ පන්දුවාර 50 තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට SSC ක්‍රීඩා සමාජය සමත්වුණා.
ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී මොරටුව ක්‍රීඩා සමාජය පරාජය කරමින්.
එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු එස් එස් සී කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් මොරටුව ක්‍රීඩා සමාජ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 231ක්.
පූර්ණ ප්‍රභාත් ලකුණු 92ක් රැස්කළ අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 15ට කඩුලු 4ක් දවාගැනීමට සමත්වුණා.
ලකුණු 232ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය එස් එස් සී කණ්ඩායම සිය පන්දුවාර 40යි පන්දු 4කදි කඩුලු 6ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකළා.
පසුගියදා බංග්ලාදේශය සමග පැවැති 20 – 20 තරගාවලියේදී ලකුණු අතරට නොපැමිණි, එස්.එස්.සී. කණ්ඩායමේ නායක අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගයේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 38ක්.
නිපුන් ධනංජය නොදැවි ලකුණු 73ක් රැස්කළා.
ඒ අනුව එම තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගත් කොළඹ එස්එස්සී කණ්ඩායම මෙවර ශූරතාව බී කොටසේ හිමිකරගත්තා.
