ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ තවත් තරඟයක් ඊයේ දිනයේදී පැවැත්වුණා.
මෙම තරගය දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ Blues කණ්ඩායම සහ චරිත් අසලංක ප්‍රමුඛ Greys කණ්ඩායම අතර කොළඹ SSC පිටියේදී පැවැත්වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කිරීමට සමත් වුණා.
අගනා ඉනීමක් ක්‍රීඩා කල අංක 4 පිතිකරු නුවනිදු ප්‍රනාන්දු පන්දු 52ක් තුළ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 70ක් රැස්කිරීමට සමත් වුණා.
නායක චරිත් අසලංක පන්දු 34කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 59ක්ද ලහිරු උදාර පන්දු 24කදී ලකුණු 41ක් රැස්කිරීමට සමත් වුණා.
ඉලක්කය හඹායාමට පිටියටට පිවිසෙන Blues කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට සමත් වුණේ ලකුණු 168ක් පමණයි.
විශේන් හැළඹගේ පන්දු 18කදී ලකුණු 35ක්, කුසල් පෙරේරා පන්දු 24කදී ලකුණු 33ක් සහ දසුන් ශානක පන්දු 22කදී ලකුණු 31ක් රැස්කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී එෂාන් මාලිංග ලකුණු 42ට කඩුලු 4ක් ද බිනුර ප්‍රනාන්දු ලකුණු 36ට කඩුලු 3ක්ද දවාගැනීමට සමත් වුණා.
චරිත්ගේ කණ්ඩායමට ජයක්
CHAMA SENARATH
