ආසියානු ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික රැස්වීම බංග්ලාදේශයේ ඩකා නුවරදී අද පැවැත්වීමට නියමිතයි.
ඒ මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික රැස්වීම සඳහා ඉන්දියාවෙන් සාමාජිකයෙක් මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වනබව දන්වා ඇති අතර තවමත් එම රැස්වීමට ශ්‍රී ලංකාව සහභාගීවන බව දන්වා නැති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
බංග්ලාදේශයේදී ආසියානු ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනවා.
මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ බවයි වාර්තා වන්නේ.
සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාකරක අයිතිය ඉන්දියාව සතුවුණා.
නමුත් පාකිස්තානය සහ ඉන්දියාව අතර ඇති දේශපාලනික අර්බුධය හේතුවෙන් ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට අවධානය යොමුකර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය හිමිවන්නේ කාටද යන්න තීරණය කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණයි.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර 20 – 20 තරග ආකෘතිය යටතේ පැවැත්වීඹට නියමිත අතර ඒ සඳහා රටවල් 8ක් සුදුසුකම් ලබා සිටිනවා.
සැප්තැම්බර් 5 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ තීරණය බොහෝ විට අද හිමිවනු ඇති.
