එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට ඉකුත්දා සමත්වුණා.
ශ්‍රී ලංකාවට මෙම රන් පදක්කම හිමිකර දුන්නේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස්.
ජයග්‍රහණ ලැබු ඔවුන් දෙදෙනා ඉකුත්දා දිවයිනට පැමිණියා.
එංගලන්තයේ පැවති 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියට රටවල් 32ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 දෙනෙකු සහභාගි වුණා.
මෙහිදී ශ්‍රී ලංකාව ජීවිතාරක්ෂක ඉසවකින් රන් පදක්කමක් හිමි කර ගත්තා.
ශ්‍රී ලංකාවට මෙම රන් පදක්කම දිනා දුන්නේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් දෙදෙනායි.
ජයග්‍රහණ ලැබූ ඔවුන් දෙපළ ඉකුත්දා දිවයිනට පැමිණි අතර එහිදී ඔවුන්ට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.
ලෝකයේ වේගවත්ම ක්‍රීඩා ඉසව්වක් වන තත්පර 10 ක් ඇතුළත මීටර් 12.50 ක දියඹෙහි සිටින පුද්ගලයෙකු ගොඩට ඇද ගැනීම හෙවත් ලයින් ත්‍රෝ ඉසව්වට සහභාගි වෙමින් හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් ඉසව්ව තත්පර 09 යි දශම 9යි8කින් නිම කරමින් රන් පදක්කම දිනා ගත්තා.
මෙම තරගාවලියේ දී හිරුණ ද සිල්වා ” නැගී එන දක්ෂතම ක්‍රීඩකයාට ” හිමි සම්මානය ද හිමි කර ගැනීමද කැපී පෙනුනා.
මෙම ක්‍රීඩකයින් දෙදෙනා කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ විෂයයන් හදාරන සිසුන් වීමද විශේෂත්වයක්.
