කෝලිට වැඩ වරදියිද ?

මෙවර අයි පී එල් ශූරතාව දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංගලුරු කණ්ඩායම වෙනුවෙන් සංවිධාන කර තිබු පිළිගැනීමේ උත්සවය අතරතුරු බැංගලුරු එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පිටත සිදු වූ තෙරපීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියයාම සහ 50කට අධික පිරිසක් තුවාල සිදුවීම සම්බන්ධයෙන් රෝයල් චැලේන්ජර්ස් බැංගලුරු කළමනාකාරීත්වය වගකිව යුතු බව කර්නාටක රජය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිදුවිමට අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස කර්නාටක මහාධිකරණය දින දෙකකට පෙර නියෝග කළ අතර ඒ අනුව එම වාර්තාව ඊයේ ප්‍රසිද්ධියට පත් කළා.

එම වාර්තවේ දැක්වෙන්නේ රෝයල් චැලේන්ජර්ස් බැංගලුරු කණ්ඩායමේ හවුල්කරුවකු වන ඩී එන් ඒ නෙට්වර්ක් සහ කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය නිසි අවසරයකින් තොරව මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් වගකිවයුතු බවයි.

පොලීසිය විසින් මෙම උත්සවය ප්‍රතික්ෂේප කළ බවට ද එම වාර්තවේ සඳහන්.

රෝයල් චැලේන්ජර්ස් බැංගලුරු කණ්ඩායම ජුනි 3 වැනිදා අයි පී එල් ශූරතාව දිනාගැනීමෙන් පසුව මෙම සැමරුම් උත්සවය පසුගියදා සංවිධාන කර තිබූ අතර ව්‍යවස්ථාපිත නීතිරීතිවලට අනුව එවැනි පෙළපාලියක් සඳහා අයදුම්පතක් උත්සවය පැවැත්වෙන දිනට අවම දින 7කට පෙර ඉදිරිපත් කළ යුතු බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

විරාත් කෝලි රසිකයින්ගෙන් සැමරුමට එක්වන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වූ අතර එය සිතාගත නොහැකි තරම් ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්විමට හේතු වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *