2025 යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ පළමු අදියර ඊයේ පෘතුගාලයේදී පැවැත්වුණා
එහිදි යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් යෙවාන් ඩේවිඩ් තරග බිමට පිවිසියා.
තරග අදියර 8කින් සමන්විත් 2025 යුරෝ ෆෝමියුලා විවෘත මොටර් රථ තරගාවලියේ පළමු අදියර පෘතුගාලයේදී ඊයේ පැවැත්වුණා.
එහිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යෙවාන් ඩෙවිඩ් තරග වැදුණු අතර ඔහු වාර්තා අතරට එක්වුණේ යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්.
පළමු අදියරේ පළමු තරගයට සහභාගී වූ යෙවාන්ට එහිදි හිමි වුණේ තුන්වැනි ස්ථානයයි.
පළමු තරගය තරග වට 18කින් සමන්විත වුණ අතර එම තරගය යෙවාන් විනාඩි 29 තත්පර 34 දශම 5 යි 3 යි 6කින් අවසන් කළා.
කෙසේ වෙතත් පළමු අදියරේ දෙවැනි තරගයේදී සුපිරි ධාවනයක නියැලුණු යෙවාන් එම තරගවටයේ ආදිපත්‍ය තමන් සතුකර ගත්තා.
එහිදි අනෙකුත් ක්‍රීඩකයින් සමඟ කරට කර තරගයක් ලබාදුන් යෙවාන් එම තරග වටය විනාඩි 29යි තත්පර 11යි දශම 3යි4යි 7කින් අවසන් කළා.
කෙසේ වෙතත් දෙවැනි තරගවටය අවසන් වෙද්දී යෙවාන් ඩෙවිඩ් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියේ පළමු ස්ථානය පසු වූ මහ බ්‍රිතාන්‍ය යේ එඩ් පියර්සන්ට වඩා එක් ලකුණක් පිටුපසින් සිටිමින්.
කෙසේ වෙතත් පළමු තරග අදියරේ තුන්වැනි තරගය ද විනාඩි 24යි තත්පර 46යි දශම 5යි 8යි 1කින් අවසන් කළ යෙවාන් පෘතුගාල තරග අදියර ජය ගන්නට සමත් වුණා.
ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේද පෙරමුණ හිමිකරගත් යෙවාන් ඩේවිඩ් ප්‍රසාද ලකුණු 65ක් දිනාගෙන පෙරමුණ හිමි කර ගත්තා.
