කාන්තා තුන්කොන් ගැටුම හෙට ඇරඹෙයි – චමරිලා කේක් කපයි – VIDEO

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27) ආරම්භ වනවා.

පළමු තරගය හෙට (27) පෙරවරු 10ට ආරම්භ වන්නේ සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි.

මෙම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන්.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වීම කණ්ඩායම් තුනේ නායිකාවන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සිදු කෙරුණා.

කාන්තා තුන්කොන් ඒක්දින ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙම තරගාවලියේදී ඒක් කණ්ඩායමක් මූලික වටයේදී තරග 4කට සහභාගිවීමට නියමිතයි.

ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

කුසලානය එළිදැක්වීම අතරවාරයේ දකුණු අප්‍රිකා කාන්තා පිලේ නායිකාව වන ලෝරා වොල්වර්ට්ගේ 26 වැනි උපන්දිනය ප්‍රේමදාස පිටියේදී සැමරුවේ මෙලෙසින්.

තුන්කොන් කාන්තා එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *