වසර 32කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
ඒ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක ප්‍රංශය ගෝල 5ට 3ක් ලෙස පරාජය කරමින්.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ සත්කාරක ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතරයි.
තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය නිමා වුණේ ගෝල 3ට 1ක් ලෙස ස්පාඤ්ඤයට පෙරමුණ හිමිකර දෙමින්.
දෙවන අර්ධයේදී ප්‍රංශය ගෝල දෙකක් වාර්තා කළ අතර ඒ අනුව නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල 3 බැගින් රැස් කර තිබුණා.
අනතුරුව ලබාදුන් අතිරේක කාලයේදී තවත් ගෝල දෙකක් රැස් කළ ස්ඤ්ඤය ගෝල 5ට 3ක් ලෙස අවසන් තරගය ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.
ස්පාඤ්ඤය මෙලෙස ඔලිම්පික් ක්‍රීඩා උලෙල පිරිමි පාපන්දු රන් පදක්කම දිනා ගත්තේ වසර 32කට පසුවයි.
