විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගය ඉතාලියේ යැනික් සිනර් සහ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් අතර ඊයේ පැවැත්වුණා.
තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු වටය 7ට 6ක් ලෙස ජය ගත්තේ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්.
කෙසේ වෙතත් දෙවන තුන්වැනි සහ සිව්වැනි වට පිළිවෙලින් 7ට 6ක්, 6ට 3ක් සහ 6ට 4ක් ලෙස ජය ගනිමින් වට 3ට 1ක් අවසන් තරගය ජයගත් යැනික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනා ගත්තා.
24 හැවිරිදි යැනික් සිනර් දිනාගත් 5 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව මෙයයි.
