මැඩිසන් හමුවේ පරාජය වූ ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව

ලොව අංක කේ ටෙනිස් ක්‍රීඩිකාව වූ අරීනා සබලෙන්කා පරාජය කරමින් එහි ශුරතාව දිනා ගැනිමට අමෙරිකාවේ මැඩිසන් කීස් සමත්වුණා.

මැඩිසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙයයි.

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය පැවැත්වුනේ දෙවරක් ඒහි ශූරතාව දිනූ සහ වත්මන් ශූරිය වන බෙලරුස් රාජ්‍යයේ අරීනා සබලෙන්කා සහ අමෙරිකාවේ මැඩිසන් කීස් අතරයි.

කාගේ වැඩි අවධානයක් දිනූ මෙම තරගයේ පළමු වටය 6ට 3ක් ලෙස ජය ගත් මැඩිසන් ලොව අංක ඒකේ ක්‍රීඩිකාව වූ අරීනා සබලෙන්කාට ප්‍රබල අභියෝගයක් ඒල්ල කළා.

දෙවන වටයේදී යළි සිය සුපුරු ක්‍රීඩා විලාශය ප්‍රදර්ශනය කළ සබලෙන්කා ඒම වටය 6ට 2ක් ලෙස ජය ගත්තේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවට අභියෝගයක් ඒල්ල කරමින්.

කෙසේ වෙතත් තුන්වැනි වටයේ දී දෙදෙනා අතර තියුණු තරගයක් පැවතුණා.

තියුණු තරගයකින් පසු තුන්වැනි වටය 7ට 5ක ලෙස ජය ගත් අමෙරිකාවේ මැඩිසන් කීස් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනා ගත්තා.

පරාජයෙන් පසු සබලෙන්කා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

අමෙරිකාවේ මැඩිසන් කීස් දිනූ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාව මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *