මෙවර ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට 17 හැවිරිදි රුසියානු ක්‍රීඩිකා මිරා අන්ද්‍රේවා සමත්වූණා.
ඒ අවසන් තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන අරීනා සබලෙන්කා පරාජය කරමින්.
අමෙරිකාවේ පැවැති ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගය පැවැත්වුණේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන අරීනා සබලෙන්කා සහ 17 හැවිරිද රුසියානු ක්‍රීඩිකා මිරා අන්ද්‍රේවා අතරයි.
තරගයේ පළමු වටය 6ට 2ක් ලෙස ජය ගන්නට සබලෙන්කා සමත්වුණා.
දෙවන වටයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ 17 හැවිරිදි රුසියානු ක්‍රීඩිකා මිරා අන්ද්‍රේවා එම වටය 6ට4ක් ලෙස ජය ගත්තා.
තුන්වැනි වටයේද සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වූ මිරා අන්ද්‍රේවා එම වටය 6ට3ක් ලෙස ජය ගත්තේ අරීනා සබලෙන්කාට අමතක නොවන පරාජයක් උරුමකර දෙමින්.
ඒ අනුව අවසන් තරගය 2ට 1ක් ලෙස ජය ගත් මිරා අන්ද්‍රේවා මෙවර ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
1999 වසරේ සෙරීනා විලියම්ස්ගෙන් පසු එම තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනූ ලාබාලතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙස 17 හැවිරිදි මිරා අන්ද්‍රේවා වාර්තා අතරට එක්වුණා.
