10වැනි වරටත් පැවති කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී මෙවර සත්කාරකත්වය දැරූ එංගලන්තය කඩුලු 7කින් පරාජය කරමින්.
ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමක් කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාව දිනාගත් 7වැනි අවස්ථාව මෙය වනවා.
මසකට ආන්න කාලයක් කාන්තා කණ්ඩායම් 12ක් එක් කුසලානයක් වෙනුවෙන් කරට කර සටනක නියැලුණු කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙවර කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා අපරාජිත ගමනක් ආ සත්කාරක එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව තරගබිමට පිවිසියා.
ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩයමක් ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයක් සඳහා 8වැනි වරට සුදුසුකම් ලබාගනිද්දී එංගලන්ත කාන්තා කණ්ඩායම සිව්වැනි වරට අවසන් තරගයකට සුදුසුකම් ලබාගත්තා.
අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.
ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස්කර ගනිමින්.
නායිකා නැට් සිවර්-බ්‍රන්ට් නොදැවී ලකුණු 58ක් සහ ෆ්‍රෙයා කැම්ප් නොදැවී ලකුණු 44ක් රැස්කළා.
ලකුණු 151ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි එක්පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය කඩයිම පසුකර ගියා.
සිය කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන ගිය බෙත් මූනි ලකුණු 64ක් සහ ෆීබි ලිච්ෆීල්ඩ් ලකුණු 48ක් ලබාගත්තා.
අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස ඔස්ට්‍රේලියාවේ බෙත් මූණී සම්මාන දිනාගත්තා.
ඒ අනුව අවසන් තරගය කඩුලු 7කින් ජයගත් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සිය 7වැනි 20යි 20 ලෝක කුසලානය දෝතට ගත්තේ මෙලෙසින්.
