අභිෂේකා ලක්මව රනින් සරසයි

හොංකොං හි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දීමට තරුෂි අභිෂේකා අද සමත්වුණා.

ඒ බාලිකා මීටර 1500 ඉසව්වේ ජය හිමිකර කර ගනිමින්.

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හොංකොංහිදි අද ආරම්භ වූ අතර එහි බාලිකා මීටර 1500 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි අභිෂේකා සහභාගි වුණා.

තරගය ආරම්භයේ සිට පෙරමුණේ පසු වූ තරුෂි පසුව තරගයේ මැද භාගයේ පසුබෑමට ලක්වුණා.

කෙසේ වෙතත් අවසන් මීටර 100දී සුපිරි ධාවනයක යෙදෙමින් තරුෂි අභිෂේකා ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

ඇගේ තරග නිමි කාලය දැක්වුණේ විනාඩි 4යි තත්පර 31යි දශම 4යි 1ක් ලෙසයි.

ශ්‍රී ලංකාව මෙවර අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දිනූ පළමු පදක්කමද මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *