ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
ඊට විදෙස් ක්‍රීඩකයින් 242ක් ඇතුළත්.
6 වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය ලබන ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේ.
ඒ සඳහා ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවලින් ක්‍රීඩකයන් ඇතුළුව ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් ලියාපදිංචි වී තිබුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
ඊට දේශීය ක්‍රීඩකයින් 179ක් සහ විදේශීය ක්‍රීඩකයින් 242ක් දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ක්‍රීඩක කෙටුම්පත් කිරීමට තෝරාගත් මෙරට ක්‍රීඩකයින් ජාතික මට්ටම, දේශීය මට්ටම මෙන්ම නැගීඑන ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තෝරා ගැනෙනු ඇති.
සියලුම දෙස් විදෙස් ක්‍රීඩකයින් ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලැසික්, නැගීඑන සහ ඇසෝසියේට් ස්ටාර්ස් ලෙස කාණ්ඩ කිහිපයක් වර්ගකර ඒ ඒ කණ්ඩායම් සඳහා තෝරාගැනීම සිදු කිරීමට නියමිතයි.
එහි දේශීය ක්‍රීඩකයින්ගෙන් 17ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත් අතර, ගෝල්ඩ් කාණ්ඩයට 34ක්, ක්ලැසික් කාණ්ඩයට 80ක් හා නැගීඑන කාණ්ඩයට 48ක් ලෙස සෙසු ක්‍රීඩකයින් නම්කර තිබෙනවා.
එමෙන්ම විදේශීය ක්‍රීඩකයින්ගෙන් 31ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත් අතර, 64ක් ගෝල්ඩ් කාණ්ඩයට ඇතුළත්.
තවත් ක්‍රීඩකයින් 99ක් ක්ලැසික් හා ක්‍රීඩකයින් 48ක් ඇසෝසියේට් ස්ටාර්ස් කාණ්ඩයට ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ක්‍රීඩක කෙටුම්පත් කිරීම ජූනි 1 වැනිදා ප.ව. 1.30ට කොළඹදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙන්ම සියලුම කණ්ඩායම් හිමිකරුවන් හා කණ්ඩායම් කලමනාකාරීත්වයන් සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

