LPL තරගාවලිය ජුලි 10 සිට – SSC පිටියේත් තරග

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

මෙවර තරගාවලියේ තරග කිහිපයක් කොළඹ ඒස් ඒස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ඉකුත් වසරේ දෙසැම්බර් මසදී පැවැත්වීමට සැලසුම් කර තිබුණත් මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල පැවති පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කල්වේලා ඇතිව ක්‍රීඩාංගණ සූදානම් කිරීමට අවශ්‍ය නිසා පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ LPL තරගාවලිය මෙම වසරට කල්දැමුණා.

ඒ් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය නිවේදනය කළේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 6 වැනි අදියර ඒළැඹෙන ජූලි මස 10 වැනිදා සිට අගෝස්තු මස 05 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

මෙවර තරගාවලියේදීද තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරනු ඇති.

මෙවර තරගාවලිය LPL ඉතිහාසයේ හයවන සංස්කරණය ලෙස ක්‍රියාත්මක වන අතර සියලුම තරග කොළඹ එස්. එස්. සී., ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ හතරේදී පැවැත්වීමට නියමිතයි.

නවීකරණය කෙරුණු ඒස් ඒස් සී ක්‍රීඩාංගණයේද මෙවර ඒල් පී ඒල් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්විමටද විශේෂත්වයක්.

මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා අන්තර්ජාල අයැදුම්පත් මැයි 04 වැනිදා සිට විවෘත කිරීමට නියමිතයි.

තරගාවලිය මෙවරද ක්‍රීඩකයින් අතර ඉහළ තරගකාරීත්වයකින් යුක්තව, රසිකයින්ට උණුසුම්, තරඟකාරී සහ විනෝදාත්මක ක්‍රිකට් අත්දැකීමක් ලබා දෙන ආකාරයෙන් සංවිධානය කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *