2026 ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ පිරිමි හොකී තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
ඒ අවසන් පූර්ව තරගයේදී ඉන්දුනිසීයාව ගෝල 3ට 2ක් ලෙස පරාජය කරමින්.
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙළක සුදුසුකම් ලැබීමේ තරගාවලියක අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
2026 ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ පිරිමි හොකී තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීයි.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් ශ්‍රී ලංකාව ඉන්දුනිසියාව අතර ඊයේ පැවැත්වුණා.
දෙපිලිම තරගය ආරම්භයේ සිටම තියුණු ක්‍රීඩා විලාශයක නිරත වුණා.
කෙසේ වෙතත් ඉන්දුනිසියා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගය 3ට 2ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා.
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙළක සුදුසුකම් ලැබීමේ තරගාවලියක අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
මූලික වටයේදී උස්බෙකිස්තානය සහ බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමටත් පෙර ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවා.
