මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති 79 වැනි බ්‍රැඩ්බි රග්බි පලිහ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.
තරගය පැවැත්වුණේ රාජකීය විද්‍යාල රග්බි පිටියේදීයි.
කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 79 වැනි බ්‍රැඩ්බි රග්බි පලිහ රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තරගය පැවැත්වුණේ රාජකීය විද්‍යාල රග්බි පිටියේදීයි.
තරගයේ ආරම්භයේදීම උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයට අවතීර්ණ වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් පළමු අර්ධය ලකුණු 5ට 0ක් ලෙස පෙරමුණ ගත්තා.
දෙවැනි අර්ධයේදීද දෙදුහලේ ක්‍රීඩකයින් තියුණු සටනක නියැලුණු අතර දඩුවම් පහරක් සාර්ථක කරගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගය ලකුණු 08ට 0ක් ලෙස පෙරමුණ ගත්තා.
කෙසේ වෙතත් සටන ලෙහෙසියෙන් අත්හැරීමට අකමැති වූ රාජකීය ක්‍රීඩකයින් තරගයේ අවසන් භාගයේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගය අවතීර්ණ වුණා.
ඒ අනුව සම්පූර්ණ කාලය නිමාවන විට ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 08ට 03ක් ලෙස දෙවැනි අදියර ජය ගත්තා.
පසුගියදා පැවති 79 වැනි බ්‍රැඩ්බි රග්බි පලිහ රග්බි තරගාවලියේ පළමු අදියර ලකුණු 15ට 5ක් ලෙස ජය ගැනීමට කොළඹ රාජකීය වීද්‍යාලය සමත් වුණා.
ඒ අනුව අදියර දෙක ලකුණු 18ට 13ක් ලෙස ජයගත් මෙවර 79වැනි රග්බි පලිහ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.
37වැනි වරටත් බ්‍රැඩ්බි රග්බි පලිහ ශූරතාව දිනාගත් කොළඹ රාජකීය ක්‍රීඩකයින් සිය සතුට සැමරුවේ මෙලෙසින්.
