කැරම් ලෝක කුසලානයේදි ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කමක්

මාල­දි­ව­යිනේ මාලේ නුව­රදී නිමා වූ 7 වැනි කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 2ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

එහිදී නායක ෂහීඩ් හිල්මි ප්‍රමුඛ ක්‍රීඩ­කයෝ කණ්ඩා­යම් ඉසව්වේ රිදී පද­ක්කම රැක ගැනී­මට සමත් වූ අතර, කණ්ඩා­යම් ඉසව්වේ අව­සන් තර­ග­යේදී ලෝක ශූර ඉන්දීය පිල රන් පද­ක්කම දිනා ගැනී­මට සමත් විය.

අව­සන් වරට 2024 වසරේ පැවති ලෝක කුස­ලා­න­යේ­දීත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩා­යම රිදී පද­ක්කම දිනා තිබිණි. මෙවර තර­ගා­ව­ලියේ ලෝකඩ පද­ක්කම බංග්ලා­දේ­ශ­යට හිමි විය.

ජෝසප් රොෂාටා නාය­ක­ත්වය දුන් කාන්තා පිල කණ්ඩා­යම් ඉස­ව්වේදී අමෙ­රි­කානු කණ්ඩා­යම පරා­ජය කර­මින් ලෝකඩ පද­ක්කම දිනා­ගත් අතර, ඒ සමඟ පසු­ගිය වර තර­ගා­ව­ලි­යේදී ඔවුන් දිනා තිබූ රිදී පද­ක්කම මෙවර අහිමි වී ගියේය. එහි රිදී පද­ක්කම මාල­දි­ව­යින දිනා­ගත් අතර, රන් පද­ක්කම ඉන්දි­යා­වට හිමි විය.

මේ ඉසව්වේ අව­සන් පූර්ව තර­ගයේ කේවල තර­ග­ය­කදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටස්මිලා කාවින්දි ඉන්දීය ජාතික ශූරිය වන එල්. කීර්තනා පරා­ජය කිරී­මට සමත් වීම කැපී පෙනිණි. මෙහි විශේ­ෂ­ත්වය වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩි­කා­වක් කැරම් කේවල තර­ග­ය­කදී ඉන්දීය ක්‍රීඩි­කා­වක් පරා­ජය කළේ වසර 9කට පසුව වීමය. තරුෂි හිම­හ­න්සිකා ලෝක ශූරි කසි­මාට එරෙ­හිව විශි­ෂ්ට තර­ග­යක් ලබා­දීම කැපී පෙනිණි.

පිරිමි සහ කාන්තා කේවල ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පද­ක්කම් සියල්ල ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ දිනා ගැනීම කැපී පෙනිණි. කාන්තා කේවල ඉසව්වේ අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලබා ගැනී­මට දී ටස්මිලා කාවින්දි සමත් වූ අතර, එම තර­ග­යේදී ඇය ඉන්දීය ක්‍රීඩිකා කීර්තනා හමුවේ පරා­ජය වීමෙන් අව­සන් තරග වරම් අහිමි වී ගියාය. අන­තු­රුව ඉන්දීය ක්‍රීඩිකා කාසිමා මාෂා සමඟ තෙවැනි ස්ථාන­යට තරග වැදුණු ටස්මි­ලාට සිවු­වැනි ස්ථාන­යෙන් නතර වීමට සිදු වූවාය. නිපුණි දිල්රුක්ෂි 9 වැනි ස්ථාන­යට පත් වූ අතර, පිරිමි කේවල ඉස­ව්වේදී ෂහීඩ් හිල්මි 5 වැනි ස්ථාන­යට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළෙන් ඊයේ යළි මෙරටට පැමිණියේය.

මේ තර­ගා­ව­ලි­යට රට­වල් 17කින් තර­ග­ක­රු­වෝ 150කට අධික සංඛ්‍යා­වක් එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *