යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ ඉතාලියේ මොන්සාහි පැවති 08 වැනි සහ අවසන් අදියරේ 3 වැනි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ෆෝමියුලා ධාවන ශූර යෙවාන් ඩේවිඩ් අද සමත්වුණා.
මෙවර තරගවාරයේ සමස්ත රියදුරු ශූරතාවේ දෙවන ස්ථානයද යෙවාන් හිමිකර ගත්තේ ෆෝමියුලා ධාවන පථයක ශ්‍රී ලාංකිකයෙකු දැක් වූ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින්.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ 8 වැනි අදියර ඉතාලියේ මොන්සා හි පැවැති අතර එහි තුන්වැනි තරගය ඊයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා යොවුන් ෆෝමියුලා ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සහභාගි වුණා.
තරගය ආරම්භයේදී යෙවාන් පළමු තිදෙනා අතර පසුවුවත් අවසන් වටයේදී තියුණු අවසානයක් සනිටුහන් කරමින් යෙවාන් 8 වැනි අදියරේ තුන්වැනි වටය ජය ගැනීමට සමත්වුණා.
තරගාවලියේ 8 වැනි අදියරේ ඊයේ පැවැති දෙවන තරගයේදී යෙවාන් ඩේවිඩ් ආධුනිකයන්ගේ ශූරතාව දිනා ගැනීමට සමත්වුණේ ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින්.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක ආධුනිකයන්ගේ ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද යෙවාන් ඩේවිඩ්.
මෙවර යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ සමස්ත රියැදුරු ශූරතාවේ දෙවන ස්ථානය දිනා ගැනීමටද යෙවාන් ඩේවිඩ් සමත්වුණා.
