ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධන කමිටුවට පත්කර තිබෙනවා.
ඒ සෞදි අරාබියේ රියාද් නුවර පැවති එම සම්මේලනයේදී රැස්වීමකදීයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය මෙරට පාපන්දු ක්ෂේත්‍රෙය් සාර්ථක වෙනස්කම් කරමින් මේ වන විට ජාතික කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙනවිත් තිබෙනවා.
වත්මන් ශ්‍රී ලංකා පාපන්දු සාර්ථකත්වයත් සමග ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධන කමිටුවට පත් කිරීමට එම සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
ඒ සෞදි අරාබියේ රියාද් නුවර පැවැති එම සම්මේලනයේ රැස්වීමකදීයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ඉකුත් සතියේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කමිටුවකට පත් කෙරුණා.
ඒ මෙරට පාපන්දුවේ සංවර්ධනය සහ විශ්වසනීයත්වය යළි යළිත් තහවුරු කරමින්.
ජස්වර් උමාර් මහතාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙලෙස පත්කර තිබුණේ එම සම්මේලනයේ මූලික පදනම හා ආධුනික පාපන්දුව සඳහා වන කමිටුව සඳහායි.
මේ ගෞරවාන්විත පත්වීම වාර්තා වන්නේ උමාර් මහතාගේ සාර්ථක නායකත්වය යටතේ ශ්‍රී ලාංකේය පාපන්දුව පසුගිය මාස 18 තිස්සේ සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටින අවස්ථාවක වීම විශේෂත්වයක්.
