සචින්, ඉසුරු සහ නිපුන්ට පොදුරදඩුලු ලෝකඩ පදක්කම්

ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී තවත් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

මෙම පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ ඉසුරු කුමාර, නිපුන් ශෙහාරා සහ සචිනි රාජිකායි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය මේ දිනවල ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වෙන අතර ඊයේ දිනයේද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසියා.

මෙහිදී බාලිකා කනිෂ්ට කිලෝග්‍රෑම් 53 බර පන්තිය යටතේ තරග වැදුණු සචිනි රාජිකා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්නා.

සචිනි රාජිකා මෙහිදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 64ක් එස වූ අතර ඇය ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 82ක් එස වූවා.

ඇය මෙම තරගයේදී එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 146ක්.

මේ අතර බාලක කනිෂ්ට කිලෝ‍ග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වැදුණු නිපුන් ශෙහාර ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 95ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 118ක් ඔසවමින්.

නිපුන් මෙම තරගයේදී එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 210ක්.

මේ අතර පිරිමි ජ්‍යෙෂ්ඨ කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වැදුණු ඩිලංක ඉසුරු කුමාර ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නා.

මෙහිදී ඉසුරු කුමාර සිය පළමු උත්සහ දෙකේදී කිලෝග්‍රෑම් 111ක් එසවීම උත්සහා කළත් එය අසාර්ථක වුණා.

කෙසේ වෙතත් සිය තුන්වන සහ අවසන් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉසුරු කුමාර සමත් වුණා.

ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය කිලෝග්‍රෑම් 138ක එස වූ අතර ඉසුරු කුමාර එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 249ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *