නේපාලයේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේදී පදක්කම් 27ක් දිනා ගැනීමට රන්සිළු ජයතිලක ප්‍රමුඛ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම සමත්වුණා.
ඒ අතරට රන් පදක්කම් 24ක් ඇතුළත්.
මෙවර ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලිය නේපාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වුණා.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන්සිළු ජයතිලක සහ රුවන් පෝල් ප්‍රමුඛ සවි එසවීමේ කණ්ඩායමක් සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළා.
මෙහිදී රන්සිළු ජයතිලක කිලොග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.
ඔහු ආසියානු සවි එසවීමේ රන් පදක්කම දිනූ 7 වැනි අවස්ථාව මෙය වනවා.
රුවන් පෝල් මෙහි පැවති තරග ඉසව්වලදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් සහ රිදී පදක්කමක් දිනා දුන්නා.
ලිඩීයා පෝල් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 6ක්.
ඊට අමතරව මොතිලාල් ජයතිලක, හිරාන් ප්‍රනාන්දු, හසිනි ප්‍රනාන්දු, කනිෂ්ක යෙෂාන්, මිනිරු ගිම්හාන්, මොහොමඩ් නදීන්, අෂේන් දේවප්‍රිය, හිරුණි ජයසිංහ, යෂිති ධර්මවිමල සහ රන්ජිත් රත්නසිරි රන් පදක්කම් දින ගනිමින් මෙවර ආසියානු සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා රනින් සැරසුවා.
ඒ අනුව මෙවර ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා පදක්කම් 27ක් දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා පදක්කම් ගොන්නට රන් පදකකම් 24ක් ඇතුළත්.
ඊට අමතරව ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක්ද දිනා ගත්තා.
