SLC T20 League ශූරතාව SLC Greens පිලට

එළැඹෙන ආසියානු කුසලානය සහ ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ අවසන් මහා තරගයේදී ග්‍රේස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින්.
අවසන් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රේස් කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 189ක්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 47කදී ලකුණු 77ක් රැස් කිරීමට සමත්වුණා.

ඒ හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගින්.

සදීර සමරවික්‍රම පන්දු 29කදී නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර නායක කමිඳු මෙන්ඩිස් පන්දු 23කදී නොදැවී ලකුණු 42ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ග්‍රේස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වන දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භක කඩුල්ලට ලකුණු 70ක වේගවක් සබඳතාවක් ගොඩනැගුවා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක් රැස් කළා.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමනේ පසු ග්‍රේස් පිලට දැඩි පීඩනයක් එල්ල කළ චාමික කරුණාරත්තන ප්‍රමුඛ ග්‍රින්ස් පන්දු යවන්නන් ග්‍රේස් ඉනිම සුනු විසුනු කළා.

ඒ අනුව ලකුණු 190ක ඉලක්කයක් හඹාගිය ග්‍රේස් කණ්ඩාමට නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 166ක් පමණයි.

චාමික කරුණාරත්න ලකුණු 24ට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව අවසන් තරගය ල කුණු 23කින් ජයගත් ග්‍රීන්ස් කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *