ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද සිදු කෙරුණා.
කොළඹ ක්‍රියාත්මක වූ මෙම ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක 25 දීම එකම වෙලාවක මෙම උපකරණ ඊයේ බෙදාදීමද විශේෂත්වයක්.
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මග‘ වැඩසටහන යටතේ කණිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.
ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මෙම වැඩහටනේ සුවිශේෂිතම කාර්යය වූයේ කොළඹ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක 25 දීම එකම වෙලාවට මෙම උපකරණ බෙදාදීමට කටයුතු යොදා තිබීමයි.
ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ පැවති ප්‍රධාන උත්සවයේදී ක්‍රිකට් උපකරණ බෙදා දීමට අමතරව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සපත්තු කට්ටල, ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සෑම පාසලකටම පන්දුව විසිකිරීම සදහා යොදා ගනු ලබන උපකරණ , දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු කිරීමේ උපකරණ කට්ටල සහ ක්‍රිකට් පන්දු ද බෙදා සිදු කෙරුණා.
මීට අමතරව පළමු වතාවට අවු. 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සහ දිස්ත්‍රික් සංචිතවල පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙදින ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සපත්තු යුගල 9995 ක් පිරිනැමිමද සිදු කිරීමද විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ ක්‍රිකට් උපකරණ බෙදාදීමේ වැඩසටහන යටතේ පාසල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් සංචිතවල පසුවන අවු. 13, 15, 17 සහ 19 න් පහළ සහ අවු. 19 න් පහළ බාළිකා යන වයස් කාණ්ඩ යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ද මෙම ක්‍රීඩා සපත්තු කට්ටල පිරිනැමුනා.
ඒ අනුව දිස්ත්‍රික් සංචිත යටතේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සපත්තු යුගල 3250 ක්, අවු. 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සපත්තු යුගල 6138 ක්ද සහ පළාත්වල පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 607 දෙනෙකු වශයෙන් එම සපත්තු යුගල 9995 ක් බෙදාදීම මෙහිදී සිදු කෙරුණා.
ඊට අමතරව දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ පුහුණු කටයුතු සාර්ථකව සිදුකර ගැනීම වෙනුවෙන් පුහුණු කිරීමේ උපකරණ ඇතුළත් බෑග් 97 ක් සහ ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරව ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 970 ක් සඳහා පන්දුව විසිකිරීම සදහා යොදා ගනු ලබන උපකරණ මෙන්ම දිස්ත්‍රික් සංචිත සහ දිස්ත්‍රික් සංගම් යටතේ පවතින ක්‍රීඩා සමාජ සඳහා ක්‍රිකට් පන්දු 2760 ක්ද මෙහිදී පිරිනැමුණා.
