ශ්‍රී ලංකා පාපන්දු පිල යළිත් පාපන්දු පිටිය හොල්ලයි | VIDEO

2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා.

ඒ චීන තායිපේ කණ්ඩායම ගෝල 3ට එකක් ලෙස පරාජය කරමින්.

මෙහිදී ශ්‍රී ලංකාව දෙවන අර්ධයේ මිනිත්තු 9ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුනා.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වුණේ ඩී කාණ්ඩය යටතේයි.

කණ්ඩා­යම් දෙකම මූලික වටයේ ආර­ම්භක තරග දෙක පරා­ජ­යවීම නිසා කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගය දෙපිලටම අභියෝගාත්මක තරගයක් වී තිබුණා.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස ක්‍රීඩා කළේ තමන්ට ස්ථාන 34ක් ඉදිරියෙන් සිටිමින් 166 වැනි ස්ථානයේ පසු වූ චීන තායිපේ කණ්ඩායමට එරෙහිවයි.

තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ පාලනය සිය පාලනයට නතු කර ගත්තේ චීන තායිපේ පිලනට දැඩි පීඩනයක් එල්ල කරමින්.

පළමු අර්ධයේදී ශ්‍රී ලංකා පිලට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක් දැල ආසන්නයේදී ගිලිහී ගියා.

ඒ අනුව පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

දෙවන අර්ධයේදී සිය අණසක පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම අර්ධයේ 48 වැනි මිනිත්තුවේ තරගයේ පළමු ගෝලය වාර්තා කළා.

එම ගෝලය වාර්තා කළේ ආදවන් රාජමෝහන්.

යළිත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව 52 වැනි මිනිත්තුවේදී සිය දෙවන ගෝලය වාර්තා කළේ චීනා තායිපේ පිල අසරණ කරමින්.

දෙවන ගෝලය වාර්තා කර තවත් මිනිත්තු 5ක් ගතවීමටත් මත්තෙන් සිය තුන්වැනි ගෝලයත් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත්කම් වුණේ චීන තායිපේ දෙසට එල්ල වන පීඩනය තව තවත් වැඩි කරමින්.

70 වැනි මිනිත්තුවේදී චීන තායිපේ කණ්ඩායම ගෝලයක් වාර්තා කළද එය ඔවුන්ගේ ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව මෙම තරගය ගෝල 3ට එකක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී සමත්වුණා.

මෙරට පාපන්දු ලෝලීන්ට තවත් ජයග්‍රාහී තරග නිමාවක් කොළඹ තුරඟ තරග පිටියේ සනිටුහන් කළ මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල වාර්තා කළේ ආදවන් රාජමෝහන්, ඩිලොන් ද සිල්වා සහ වසීම් රාසික්.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන මීළග තරගය ටර්කිමේනිස්තානයට එරෙහිව ඔක්තෝබර් මස 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *