ශ්‍රී ලංකා රග්බි පිලට අවසන් මොහොතේ තියුණු පරාජයක්

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය තියුණු තරගයකින් පසු දකුණු කොරියාව හමුවේ අද පරාජය වුණා.

ඒ ලකුණු 38 ට 34ක් ලෙසයි.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයට ශ්‍රී ලංකාව අද කොළඹ තුරඟ තරග පිටියේදී එක්වුණේ දකුණු කොරියාවට එරෙහිවයි.

පළමු අර්ධයේදී දෙපිලම ආක්‍රමණශීලි තරග රටාවක නිරත වුණා.

කෙසේ වෙතත් එම අර්ධයේ ලකුණු 17ට 14ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වුණේ ශ්‍රී ලංකාවයි.

දෙවන අර්ධය ආරම්භයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වුවත් තරගයේ අවසන් භාගයේදී දකුණු කොරියා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා බලාපෙරොත්තු බිඳදැමුවා.

දකුණු කොරියාව දෙවන අර්ධයේදී ලකුණු 24ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව රැස්කළේ ලකුණු 17ක් පමණයි.

ඒ අනුව ලකුණු 38 ට 34ක් ලෙස තියුණු ජයක් වාර්තා කළ දකුණු කොරියාව ශ්‍රී ලංකාවට පළමු තරගයේදීම පරාජයක් උරුම කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *