සත්කාරක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති දෙවන රග්බි තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුණා.
ඒ ලකුණු 32ට6ක් ලෙසයි.
ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය 2ට බින්දුවක් ලෙස නවසීලන්තය ජය ගත්තා.
සත්කාරක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහ කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම අතර දෙවන තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදීයි.
තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් වීම හේතුවෙන් නිත්තවෙල ක්‍රීඩාංගණයේ මෙන්ම කොළඹ තුරඟ තරග පිටියද ඊයේ රග්බි ලෝලීන්ගේ පිරිගියා.
මෙම තරගය නැරඹීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුනි, අරවින් ද සිල්වා සහ චමින්ද වාස්ද පැමිණ සිටියා.
ශ්‍රී ලංකා නිත්‍ය නායක නයිජල් රත්වත්තේ අසනීප තත්වයක් හේතුවෙන් මෙම තරගයට සහභාගි නොවූ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකිම පැවරුණේ ධනුෂ්ක රංජන්ටයි.
සියලුදෙනා බලා සිටි හකා ඉදිරිපත් කිරීම නවසිලන්ත කණ්ඩායම සිදු කළේ ඉන් අනතුරුවයි.
ශ්‍රී ලංකාවට ස්තුතිය පුද කරමින් නවසීලන්ත ක්‍රීඩකයින් මෙවර හකා ඉදිරිපත් කිරීම සිදු කිරීම විශේෂත්වයක්.
අනතුරුව ඇරඹි තරගයේ සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පිලට අභියෝගයක් එල්ල කිරීමට නවසිලන්ත ක්‍රීඩකයින් සමත්වුණා.
පළමු අර්ධය නිමා වුණේ ලකුණු 17ට 3ක් ලෙස නවසීලන්තයට පෙරමුණ හිමිකර දෙමින්.
දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරින්ද රත්වත්තේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකාවට ලකුණු 3ක් එක් කළා.
අනතුරුව ඇරඹි දෙවන අර්ධයේදී නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල වුණා.
දෙවන අර්ධයේදී තවත් ලකුණු 15ක් රැස් කිරීමට නවසීලන්තය සමත්වුණේ තරගයේ ජය තහවුරු කර ගනිමින්.
එම අර්ධයේදී තවත් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේට හැකියාව ලැබුණා.
ඒ අනුව තරගය නිමාවට පත්වුණේ ලකුණු 32ට 6ක් ලෙස නවසීලන්ත පිලට ජය හිමිකර දෙමින්.
ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 2ක් සමගින් ලකුණු 6 රැස් කළ අතර නවසිලන්තය උත්සාහක දිනුම් 5ක්, ප්‍රවර්තන දෙකක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 32 රැස් කළා.
ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම හැකියාව ලැබුණා.
