කොළඹ ක්‍රිකට් ඔස්තාර් ලට ප්‍රමෝද්‍ය දුන් කනේ පහර – VIDEO

මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නොව,
දකුණු පළාතේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඉහළ කාර්ය සාධනයක් සහිත පහසුකම් සංවර්ධනය කිරීමේ මුලපිරීමක් බව මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.

සමාජ මාධ්‍යයේ සටහනක් තබන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලෙසට සමාජය තුල වැරදි අදහසක් නිර්මාණය වී ඇති බැවින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද මෙම ඉදිකිරීම විවේචනයට ලක්ව ඇති බවයි.

ත්මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගියදා පැවැත්වුණා.

එහිදී තීරණය කෙරුණේ ඊට අවශ්‍ය මූලික කටයුතු මාසයක් තුළ නිම කිරීමටයි.

එවන් පසුබිමක ජාතික ක්‍රීඩා සභාවේ සමාජිකයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය සමාජය මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ මෙවැනි මෙගා ව්‍යාපෘතිවල පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් පිළිබඳ ප්‍රශ්න කළ යුතු බවයි.

මෙවන් වාතාවරණයක ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

ඔහු ඉන් සඳහන් කරන්නේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතැම් පුද්ගලයින්, අනවශ්‍ය ගෞරවයක් ලබාගැනීමේ උත්සාහයක් ලෙස, මෙම මුලපිරීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමක් ලෙස වැරදි ලෙස නිරූපණය කළ බවයි.

අවාසනාවකට මෙම වැරදි තොරතුරු රොෂාන් මහානාම වැනි පුද්ගලයින්ගෙත් අනවශ්‍ය විවේචනවලට තුඩු දී ඇති අතර, ඔවුන් ව්‍යාපෘතියේ සැබෑ විෂය පථය සහ අභිප්‍රාය පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් වී නැති බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් දන්වා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මෙය අතිවිශිෂ්ට ක්‍රීඩාංගනයක් ඉදිකිරීම අරමුණු කරගත් ව්‍යාපාරයක් නොවන බවත්, දකුණු පළාතේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සේවය කරන ව්‍යුහගත, ඉහළ කාර්යසාධනයක් සහිත පහසුකමක් සංවර්ධනය කිරීමේ මුලපිරීමක් බවයි.

රට පුරා එවැනි මධ්‍යස්ථාන පිහිටුවීමෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාන අවස්ථා ලබාදීම, ඔවුන්ට කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට නැවත පදිංචි නොවී ඔවුන්ගේ කුසලතා ඔප් නංවා ගැනීමට ඉඩ සැලසීම බවත් ඔහු පෙන්වා දෙනවා.

ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ක්‍රිකට් කුසලතා කෙරෙහි අවධානය යොමු කරනවා පමණක් නොව, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, පෞරුෂ සංවර්ධනය, ඉංග්‍රීසි ප්‍රවීණතාවය සහ කුසලතා සංවර්ධනය, ක්‍රිකට් නීති, පුහුණු කිරීමේ යෝග්‍යතාවය, පුහුණුකරු අධ්‍යාපනය, භෞත චිකිත්සාව ඇතුළු ක්‍රිකට් නොවන විෂයයන් පිළිබඳ පුහුණුවක් ද ලබාදීමට නියමිත බවත් ඔහු සිය සමාජය මාධ්‍ය ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

රට පුරා එවැනි මධ්‍යස්ථාන පිහිටුවීමෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාන අවස්ථා ලබාදීම, ඔවුන්ට කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට නැවත පදිංචි නොවී ඔවුන්ගේ කුසලතා ඔප් නංවා ගැනීමට ඉඩ සැලසීමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *