ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සියල්ල වර්ෂාව නොතකා සාර්ථක පැවැත්වීමට දායක වූ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංගණ සේවකයින්ට ආසියානු කවුන්සිලය විසින් පිරිනැමූ මුදල එම කවුන්සිලය මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වනවා.
එහිදී එම ක්‍රීඩාංගණවල සේවකයින්ට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ලබා දීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් අතර අවසන් මහා තරගයේ කුසලාන ප්‍රදානයේදී එම මුදල ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ භාරකරු වූ ගොඩ්ෆ්‍රි දබරේරා වෙත ලබාදුන්නා.
එදා ලබාදුන් එම සංකේත චෙක්පත කාඩ් බෝඩ් කැබැල්ලකට පමණක් සීමා වී ඇති අතර එම මුදල් මෙතෙක් ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන නැහැ.
මේ අතර ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ වීරයා වූ ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ්ද තමන්ට ලැබුනු අමෙරිකානු ඩොලර් 5,000 ක ත්‍යාග මුදල ක්‍රීඩාංගණ බිම් සේවකයින්ට මෙහිදී ප්‍රදානය කර ඇති අතර එම මුදලද මෙතෙක් ලබාදී නොමැති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් ක්‍රීඩාංගණ සේවකයින් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
