එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර බැංග්ලෝර් නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේදී තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් දැඩි අපහසුතාවට පත් වූ පුවතක් LEAD SPORTS වෙත වාර්තා වනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් රැගෙන ආ ජාතික ධජ ක්‍රීඩාංගණය තුළට රැගෙන යාමට ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අසල සිටි ආරක්ෂක නිලදාරීන් අවස්ථාව ලබා නොදීම හේතුවෙන්.
ඊයේ තරගය නැරඹිමට ශ්‍රී ලංකාවේ සිට මෙන්ම විවිධ රටවල සිටින ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින් පැමිණ සිටියා.
ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් රැසක් ඊයේ තරගය නැරඹීමට ශ්‍රී ලංකා ජර්සිවලින් සැරසී පැමිණ සිටි අතර එම ජර්සිවලින් සැරසී ක්‍රීඩාංගණය තුළට ඇතුළුවිය නොහැකි බවද ආරක්ෂක නිලධාරීන් දන්වා සිටීමත් සමග උණුසුම් තත්වයක් හටගත් බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින් ජාතික ධජය සහ ශ්‍රී ලංකා ජර්සිවලින් සැරසී ක්‍රීඩාංගණය තුළට යාමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වෙනත් රටවල ක්‍රීඩාලෝලින්ට ඉන්දීය ප්‍රේක්ෂකයින් මෙන්ම නිලධාරීන්ද දක්වන කෙනෙහිලිකම් පිළිබඳ මීට පෙරද වාර්තා වී තිබුණා.
