ලංකා T10 ලීග් ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි

පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරඟාවලිය 2023 දෙසැම්බර් 12 සිට 2023 දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Lanka T10 සංවිධානය කරනු ලබන්නේ T Ten Sports කළමනාකාරිත්වය විසින් T Ten Global Sports සහ Innovative production Group සමග ඒකාබද්ධව ය. පිරිමි T10 තරගාවලියට අමතරව, ලොව හොඳම කාන්තා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සහභාගී වන ප්‍රථම කාන්තා T10 තරඟාවලිය පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නගර හයක් අනුව නම් කෙරෙන පිරිමි කණ්ඩායම් හයක් සහ කාන්තා කණ්ඩායම් හතරක් මෙවර තරගාවලියට එක්වනු ඇති.

Lanka T10 සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එය නොවැම්බර් 5 වනදා අවසන් වන අතර ක්‍රීඩකයින්ට http://ttensports.com/ හි ලියාපදිංචි විය හැකි වනවා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සබැඳිය හරහා ලියාපදිංචි විය යුතු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ක්‍රියාවලිය හරහා දැනට සිටින සියලුම ක්‍රීඩකයින් වෙන්දේසියට ඇතුළත් කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *