ක්‍රීඩාවට වින කරපු රොෂාන්ට කළුතර ඇපත් නැහැ – ඩිල්ෂානුත් දොට්ට

මෙවර මහ මැතිවරණයේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දිලිත් ජයවීරගේ සර්ව ජන බලය පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් පත්වුණා.

ජනාධිපතිවරණයේදි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු රොෂාන් රණසිංහ එහිදී බත්තරමුල්ලේ සීලරතන හිමියන්ටත් අඩු ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගැනීම කාගේත් විහිළුවට ලක්වුණා.

රොෂාන් රණසිංහ ජනාධිපතිවරණය මුවාවෙන් සිය අරමුදල් රැස්කර ගත් අතර පසුව මහ මැතිවරණයේදී දිලිත්ගේ සාක්කුවට බැසීමට තීරණය කළා.

මහ මැතිවරණයේදී පොළොන්නරුවෙන් ලොවෙත් නැති වෙන්න පරාජය වන බව දැනගත් රොෂාන් රණසිංහ කළුතරින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කළුතර ජනතාවත ගොනාට ඇන්දවීමේ අරමුණින්.

කෙසේ වෙතත් කළුතර ජනතාව රොෂාන් රණසිංහ ඉදිරිපත් වූ සර්වජනබලය පක්ෂයට ලබාදී තිබුණේ ඡන්ද 13,564ක්.

ඡන්ද ප්‍රතිශතය දැක්වුණේ 1.98%ක් වුණා.

සර්ව ජනබලය පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය අවම අගය තිබූ බැවින් එම පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ මනාප ගණන් කිරීමට සිදු කළේ නැහැ.

ඒ අනුව ක්‍රීඩාවට වින කළ, අකුල් හෙලූ, ක්‍රිකට් විනාශ කළ රොෂාන් රණසිංහට හිමි වූ සොච්චන් මනාප සංඛ්‍යාවද ඒ සමගින් වැසී ගිය අතර එම සංඛ්‍යාව මුදල් ගෙවා ලබා ගැනීමටවත් රොෂාන්ට වුවමනාවක් නොවීම ඔහු අන්ත පරාජය පිළිගත් බව පසක් කරයි.

ක්‍රිකට් පොතට පහරක් හඳුන්වා දුන් ඩිල් ස්කූප් හෙවත් තිලරකරත්න ඩිල්ෂාන් මෙවර රංජන් රාමනායකගේ ‘මයි­ක්‍ර­ෆෝ­නය’ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වැදුණා.

ටී.එම්. ඩිල්ෂාන් මහතා පරා­ජි­ත­යන්ගේ ගොඩට එකතු වෙද්දී ඔහුගේ පක්ෂ­යට කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන්ම ලැබී ඇත්තේ ඡන්ද 7090ක් පමණි.

එය 1.04%ක පමණ සුළු ප්‍රති­ශ­ත­යක් වීම කැපී පෙනේ.

සියයට 5ට අඩු ප්‍රතිශතයක් අඩු නිසා ඩිල්ෂාන්ගේ මනාප සංඛ්‍යාවද ගණනක් නොකිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තා.

කළුතර මැතිවරණයට ඉදිරිපත් වූ ක්‍රීඩා ඇමතිත් ගෙදර , ක්‍රීඩකයාත් ගෙදර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *