වසර 12කට පසු කිවියන්ට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්

වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රීයේ හැකිවුණා.

ඒ දෙරට අතර පැවති දෙවැනි එක්දින තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් ජය ගැනීමත් සමඟයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබුණේ ඩිල්ෂාන් මදුෂංක වෙනුවටයි.

තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා පැමිණිම නිසා එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කරන්නට සිදු වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 209ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වු මහිෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

ලකුණු 210ක පහසු ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වුවත් එම ඉලක්කය හඹායාම ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් පහසු වුණේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 65ක් තුල දවා ගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණේ තරගයේ ජය තමන් දෙසට දෝලනය කර ගනිමින්.

පැතුම් නිස්සංක ලකුණු 28යි.

නැට්

ශ්‍රී ලංකා පිතිකරුවන් එසේ දැවී යද්දී එක් අන්තයක සිට සිය පාදයේ ආබාදයක් ද සහිතව සටනක නිරත වු කුසල් මෙන්ඩිස් සිය එක්දින පිටියේ 32වැනි අර්ධ ශතකය රැස්කිරීමට සමත් වුණා.

නැට්

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු නවසීලන්ත පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතුවෙද්දී 8 වැනි කඩුල්ල සඳහා පිටියට පිවිසියේ මහිෂ් තීක්ෂණයි.

එහිදි කුසල් සහ තීක්ෂණ 8වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 47ක සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබු ජයක් ගෙන එමින්.

ඉවසීලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් ලබා ගනිද්දී ඔහුට ඉතා අනගි සහයක් දැක්වු මහිෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව දෙවැනි තරගය කඩුලු 3කින් ජය ගනිද්දී වසර 12 කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කරන්නට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව ලද මේ එක්දින තරගාවලි ජය වාර්තා අතරට එක්වුණේ 2014න් පසු එක් අවුරුද්දකදී එක්දින තරගාවලිය 6කට සහභාගී වී ඉන් තරගාවලි 5ක් ජයගත් පළමු අවස්ථාව ලෙසටයි.

කට් – මහිෂ් තීක්ෂණ – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *