මෙවර මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන රංගන ශිල්පී චරිත් අබේසිංහ නමැත්තා පිළිබඳව සහ ඔහුගේ මෝඩකම් පිළිබද සිරස නාලිකාවේ සටන වැඩසටහනට පිංසිදුවන්නට යම් අවබෝධයක් රටේ ජනතාවට ලැබී ඇත.
චරිත් අබේසිංහ නමැත්තා 2011 වසරේදී මහා බ්‍රිතාන්‍යයේදී මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ලැබ වරද පිළිගෙන වසර 7ක් සිරගතව සිට ලංකාවට පැමිණ දැන් සජිත් ප්‍රේමදාස සමග දේශපාලන කරමින් සිටියි.
තවත් කරුණක් නම් සමගි ජනබලවේගයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන රංගන ශිල්පී චරිත් අබේසිංහ නමැත්තාගේ සියලු වියපැහැදම් දරන්නේ කලක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් ගිලපු හිටපු සභාපතිවරයෙකු වන උපාලි ධර්මදාස.
ඒ අනුව මේ වන විට සජබය හොරු සමග හෙළිවෙන් නාට්‍යය රඟ දක්වමින් සිටින අතර ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව මෙම හොරුන්ට වටිනා පාඩමක් උගන්වන බවට කිසිදු සැකයක් නොමැත.
උපාලි ධර්මදාස වැනි පුද්ගලයින් ගෑවුණු තැන වංචාවක් මිස කිසිදු සෙතක් නොමැති අතර උපාලි ධර්මදාස මෙවර මාලිමාවටත් පැත්තකින් කකුලක් තබාගෙන ඇත්තේ කෙසේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයට රිංගා එහි මුදල් ඩැහැ ගැනීමේ ඒකායන අරමුණ ඇතිවයි.
