ඉන්දියාව ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් වෙයි ?

පාකිස්තානයේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලානයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඉන්දීය රජය විසින් ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානය නොයන ලෙසට ලබා දුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කණ්ඩායමේ මෙම තීරණය නිසා චැම්පියන්ස් කුසලානය දෙමුහුන් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වන අතර කෙසේ වෙතත් එම යෝජනාව පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

කණ්ඩායම් අටක් සහභාගී වන 2025 චැම්පියන්ස් කුසලානය තරගාවලිය එළඹෙන පෙබරවාරි 19 සහ මාර්තු 09 අතර පාකිස්ථානයේ ස්ථාන තුනකදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *