සජිත්ගේ පරාජය ගැන ඉව වැටී ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවට පනියි

මෙවර සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඉකුත්දා කටයුතු කළ අතර ඔහු සජිත් ප්‍රේමදාසගේ ජනරැලි කිහිපයක්ද අමතනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන විට සජිත් ප්‍රේමදාසට තිබූ ප්‍රසාදය දිනෙන් දින ගිලිහී යාමත් සමග ඔහු වටා සිටි බොහෝ පිරිසක් මේ වන විට ඔහුගෙන් ඉවත්වීම ආරම්භ කර තිබෙනවා.

ඇතැම් ජනරැළිවලදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කළ හරයක් නොමැති ප්‍රකාශ බොහෝ දෙනාගේ උසුළු විසුළුවලටද මේ වන විට ලක්ව ඇති අතර මේ හේතුවෙන් ඔහුගේ ඡන්ද පදනමද මේ වන විට සීඝ්‍ර ලෙස අඩුවී ඇති බවයි නවතම සමීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

එවන් පසුබිමකයි තිලකරත්න ඩිල්ෂාන් යළි ඔස්ට්‍රෙිලියාව බලා පිටත්ව යාමට තීරණය කර ඇත්තේ.

සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඩිල්ෂාන් ගත් මෝඩ තීරණයක් බවයි ඇතැම් විචාරකයින් පෙන්වා දී තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *