ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන සිහිනය බොඳවෙයිද ?

මෙවර 6 වැනි කැරම් ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාවේ කැලි‌ෆ‌ෝනියා හිදි පැවැත්විමට නියමිතව තිබෙනවා.


තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සහභාගිවීමට නියමිතව ඇති අතර අමෙරිකානු වීසා ගැටලුවක් හේතුවෙන් තරගාවලියට එක්වීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අර්බුදයකට මුහුණ පා සිටිනවා.

මේ වන විට ක්‍රීඩිකාවන් තිදෙනෙකුට සහ ක්‍රීඩකයින් තිදෙනෙකුට වීසා ලැබී නොමැති අතර මේ හේතුවෙන් මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලියට ඔවුන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ගියවර (2018) පිරිමි කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාව පිරිමි කැරම් කණ්ඩායම දිනා ගත් අතර මෙවර ඔවුන්ගේ සහභාගිත්වය වීසා ගැටලුවක් හේත‌ෙුවන් අවිනිශ්චිත වී ඇත්තේ ක්‍රීඩකයින් සිවුදෙනෙකුගනේ සමන්විත පිරිමි කැරම් කණ්ඩායමේ තිදෙනෙකුටම මේ වන විට වීසා නොලැබීම හේතුවෙන්.

එමෙන්ම කාන්තා කැරම් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිවුදෙනාගෙන් තිදෙනකුටද මේ වන විට අමෙරිකානු වීසා නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ සහභාගිත්වයද අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ අනුව‌ මේ වන විට වීසා ලැබී ඇත්තේ එක් කැරම් ක්‍රීඩ‌කයෙකුට, එක් කැරම් ක්‍රීඩිකාවකට සහ කළමනාකරුට පමණයි.

වීසා ලැබුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්
Shaheed Hilmy
Tharushi Himahansika
Ranil Abesinghe ( Manager )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *