ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්ල 180 වැනි ස්ථානයේ පසුවන කාම්බෝජය පරාජය කිරීමට ශ්‍රී ලංකාව පාපාන්දු පිල ඊයේ සමත්වුණා.
ඒ ඊයේ පැවති තරගයේදී දඩුවම් පහර අවස්ථාවේදී කාම්බෝජය ගෝල 4ට 2ක් ලෙස පරාජය කරමින්.
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ කාම්බේජය අතර දෙවන අදියරේ තරගය පැවැත්වුණේ කාම්බෝජයේදියි.
තරගයේ පළමු අර්ධයේ 37 වැනි මිනිත්තුවේදි පළමු ගෝලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා
පළමු අර්ධයේදී කාම්බෝජයට ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වන විට ගෝල 1ට බින්දුවක් ලෙස එම අර්ධයේදී පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකාවයි.
දෙවන අර්ධයේදී 51 වැනි මිනිත්තුවේදී කාම්බෝජය සිය පළමු ගෝලය වාර්තා කළා.
අනතුරුව දෙපිලම තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල වාර්තා කිරීමට සමත් නොවූ අතර ඒ අනුව ලබාදුන් අතර කාලයේදී ගෝලය බැගින් රැස් කිරීමට දෙපිලම සමත්වුණා.
ඒ අනුව ජයග්‍රහකයින් තේරීමට දඩුවම් පහර අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා.
එහිදී කාම්බෝජයේ පළමු දඩුවම් පහර අවස්ථාව ව්‍යර්ථ කිරීමට සුජාන් පෙරේරා සමත්වුණේ කාම්බෝජය දෙසට පීඩනය එල්ල කරමින්.
ශ්‍රී ලංකාව සිය පළමු දඩුවම් පහර අවස්ථා 4ම සාර්ථක කර ගැනීමට සමත් වූ අතර කාම්බෝජයට දඩුවම් පහර අවස්ථාවේදි සාර්ථක කර ගත්තේ අවස්ථා 2ක් පමණයි.
ඒ අනුව දඬුවම් පහර අවස්ථාව ගෝල 4ට 2ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාව කාම්බෝජය පරාජයට පත් කළා.
මෙහිදී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 204 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එහි 180 වැනි ස්ථානයේ පසුවන කාම්බෝජය පරාජය කිරීම විශේෂත්වයක්.
Full time – 2-2
Panaltie
Sri Lanka ![]()
![]()
![]()
![]()
Cambodia ![]()
![]()
![]()
![]()
