දකුණු ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට – VIDEO

මෙවර දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනිමින්.

මේ අතර දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 හතර සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය මේ දිනවල පැවැත්වෙන අතර තරගාවලියේ පිරිමි මීටර 100 හතර සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරොන් විජේසිංහ ප්‍රමුඛ ධාවකයින් සිවුදෙනෙක් එක්වුණා.

තරගයේ පළමු මීටර 200 දී ශ්‍රී ලංකාව පසු වුණේ තුන්වැනි ස්ථානයේයි.

කෙසේ වෙතත් තුන්වන මීටර 100දී සහ අවසන් මීටර 100දී සුපිරි ධාවක යෙදුණු මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා ධාවකයින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

ඒ තත්පර 40යි දශම 2යි 8ක දක්ෂතාවක් වාර්තා කරමින්.

ඒ අනුව මෙවර දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදි ශ්‍රී ලංකා රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සමගින් සමස්ත පදක්කම් 35ක් දිනා ගනිමින් මෙවර තරගාවලියේ අනුශුරතාව දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *