වසර 10කට පසු ත්‍රිත්ව විද්‍යාලය බ්‍රැඩ්බි පළිහ දිනයි

78 වැනි බ්‍රැඩ්බි පලිහ වෙනුවෙන් පැවති දෙවන අදියරේ තරගය පැවැත්වුණේ පල්ලේකැලේදී්‍යි.

කොළඹ පැවති පළමු අදියර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර ඒ අනුව ඔවුන් මෙම තරගයට පිවිසියේ වසර 10කට පසු බ්‍රැඩ්බි රග්බි කිරුළ දිනා ගැනීමේ අරමුණ ඇතිවයි.

තියුණු මුහුණුවරක් ගත් දෙවන අදිරේ පළමු අදියර නිමා වන විට කොළඹ රාජකීය රග්බි කණ්ඩායම ලකුණු 20ට 13ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

කෙසේ වෙතත් දෙවන අර්ධයේදී සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් එම අර්ධයේදි ලකුණු 12ක් රැස් කර ගැනීමට සමත්වුණා.

දෙවන අර්ධයේදී කොළඹ රාජකීය විද්‍යාලය රැස්කර ගත්තේ ලකුණු 3ක් පමණයි.

ඒ අනුව ලකුණු 25 ට 23ක් ලෙස ජය ගත් ත්‍රිත්ව විද්‍යාලය දෙවන අදියරේ ජය හිමිකර ගත්තා.

මෙවර බ්‍රැඩ්බි පළිහ පළමු අදියරත් ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර අදියර දෙකේම සමස්ත ලකුණු ප්‍රමාණයට අනුව 42ට 39ක් ලෙස 78වැනි බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත්වුණා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙලෙස බ්‍රැඩ්බි පළිහ දිනා ගත්තේ වසර 10කට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *