ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර තරගාවලියේදී නෙත්මිට ලෝකඩ පදක්කමක්

53kg WW - Nethmi Ahinsa Fernando Poruthotage (SRI) df. Valeryia Mikitsich (AIN)

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගන්නට නෙත්මි අහිංසා සමත් වුණා.

ඒ ඇය හා තරගකළ Valeria Mikitsich 6-2 ක් ලෙස පරාජයට පත් කරමින්.

මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙනවා.

එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇති අතර, එය එතෙක් මෙතෙක් මෙරට මල්ලවපොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙසින්ද සැලකෙනවා.

නෙත්මිගේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුරංග කුමාර මහතා කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *