වසර 10කට පසු එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්

වසර 10කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමින්.

මෙහිදි පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණා.

කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 325ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලකුණු 263ක් රැස් කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 156ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය ආරම්භ වන විටදෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටියා.

අද ශ්‍රී ලංකාව කඩුලු දෙකක් පමණක් දැවී පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 127 ක් රැස් කළේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිලට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කළේ වසර 10කට පසුවයි.

ශ්‍රී ලංකාව අද වාර්තා කළේ එංගන්තයේදී ලද සිව්වන ටෙස්ට් තරග ජයග්‍රහණය වන අතර මීට පෙර ශ්‍රී ලංකාව 1998, 2006 සහ 2014 වසරවලදී එංගලන්තයේදී ටෙස්ට් තරග ජයග්‍රහණ වාර්තා කර තිබුණා.

තුන්වැනි ටෙස්ට් තරගයේ විරයා ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනා ගත් අතර තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2-1ක් ලෙස ජය හිමිකර ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *